රාජ්‍ය අන්තර්ජාල දත්ත මධ්‍යස්ථානය
මෙය රාජ්‍ය ආයතන වල නිල වෙබ් අඩවි නොමිළේ ස්ථාපනය (hosting) කිරීමට පිහිටුවා ඇති මධ්‍යස්ථානයක් වන අතර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනෙය් රාජ්‍ය අංශය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහන මගින් අන්තර්ජාල දත්ත මධ්‍යස්ථානය පාලනය වේ. අන්තර්ජාල දත්ත මධ්‍යස්ථානය රාජ්‍ය අංශය සඳහා වෙබ් අඩවි නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව සිදු කෙරේ. රාජ්‍ය අංශය සඳහා වෙබ් අඩවි නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය මගින් රාජ්‍ය ආයතන සඳහා වෙබ් අඩවි නිර්මාණය කිරීමට අවශ්‍ය තාක්‍ෂණික දැනුම සහ මුල්‍යමය පහසුකම් ලබා දේ. සිංහල හා දෙමළ යුනිකෝඩ් භාවිතා කිරීමේන් ත්‍රෛයි භාෂාවෙන් වෙබ් අඩවි නිර්මාණය කිරීම මෙහි විශේෂ ලක්‍ෂණයකි.
අන්තර්ජාල දත්ත මධ්‍යස්ථානය හි මයික්‍රොසොෆ්ට් සහ ලිනක්ස් යන මෙහෙයුම් පද්ධති දෙවර්ගයෙන්ම වෙබ් අඩවි ස්ථාපනය සඳහා අවශ්‍ය පහසුකම් සපයා ඇති අතර මේ වන විට වෙබ් අඩවි 100 කට අධික සංඛ්‍යාවක් ස්ථාපනය කර ඇත.
i
i
i
i
i